ඉන්දියාව සමග පැවැත්වෙන තරග 5න් යුත් T20 ක්රිකට් තරගාවලිය 2ට 2ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට බටහිර ඉන්දීය කොදෙව්වන් සමත් වුණා.
ඒ, දෙපිල අතර ඊයේ පැවති තරගය ලකුණු 24න් පරාජය කරමින්.
බටහිර ඉන්දීය කොදෙව්වන් මෙම ජයග්රහණය ලබා ගත්තේ ඉන්දියාවට වාසිදායක ඉන්දීය බිමේදීම දස දහස් සංඛ්යාත ඉන්දීය ප්රේක්ෂකාගාරයක් ඉදිරියේදී වීම විශේෂත්වයක් වෙනවා.
තරඟය පැවැත්වුණේ හයිද්රාබාද් ක්රිකට් ක්රීඩාංගනයේදීයි.
පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ආරම්භයේ සිටම වේගවත් පිතිහරඹයක යෙදෙමින් නියමිත පන්දුවාර 20දී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 247ක් ලබාගත්තා.
නැවතත් විශිෂ්ට පිතිහරඹයක යෙදුණු නායක ශයි හෝප්ස් පන්දු 50දී නොදැවී ලකුණු 102යි. ඔහුගේ මෙම ඉනිමට හයේ පහර 9ක් සහ හතරේ පහර 4ක් ඇතුළත් වුණා.
පසුව ඉන්දීය පිතිකරුවන් පිටියට පිවිසියේ ලකුණු 248ක අසීරු ඉලක්කයක් හඹා යාම සඳහායි.
එහෙත් පන්දුවාර 19යි පන්දු 3දී ඔවුන් ලකුණු 223ට සියලු දෙනා දැවී ගියා.
දෙපිල අතර තීරණාත්මක අවසන් තරඟය හෙට පැවැත්වීමට නියමිතයි.




