පාසල් ආශ්‍රිතව තිබෙන අවදානම් ගස් ඉවත් කිරීම පාසලේම වගකීමක් බවට පත් කරන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. එම ගස් වෙන්දේසි කර මුදල් අයකර ගැනීමේ කටයුත්ත ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීම සඳහා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට අදාළ ආයතන දැනුවත් කිරීමටද පියවර ගත් බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවා.