මාර්තු 16 වන දින කාබුල්හි මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පතොරම් ගබඩාවක් ඉලක්ක කළ බවට පකිස්ථාන නිලධාරීන් කළ ප්රකාශයන්ට ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය ප්‍රතිචාර දක්වා තිබේ.
එහි පර්යේෂණ පිළිබඳ නියෝජ්‍ය ප්‍රාදේශීය අධ්‍යක්ෂිකා ඉසබෙල් ලැසී පවසන්නේ මෙම ප්‍රහාරයෙන් මියගිය මුළු සංඛ්‍යාව මෙතෙක් ස්වාධීනව තහවුරු කර නොමැති වුවද, අවම වශයෙන් සිය ගණනක් සිවිල් වැසියන් මිය ගොස් තුවාල ලබා ඇති බව පැහැදිලි බවයි.
මීට පෙර නේටෝ කඳවුරක් ලෙස ක්‍රියාත්මක වූ ෆීනික්ස් කඳවුරේ විශාල කොටසක් 2016 වසරේ සිට මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වූ බව මනාව ලේඛනගත වී ඇත.
මෙම ප්‍රහාරය දියත් කිරීමට පෙර සිවිල් වැසියන් සහ සිවිල් දේපළ ආරක්ෂා කර ගැනීම සඳහා පකිස්ථාන හමුදාව ගත හැකි සියලු පූර්ව ආරක්ෂක පියවර ගත යුතුව තිබූ බව ද ඇය පවසා තිබේ.
ඕනෑම සාධාරණ තක්සේරුවකින් සහ තොරතුරු රැස් කිරීමකින් මෙම කඳවුරේ ඉහළ සිවිල් ජනතාවක් සිටින බව නිගමනය කළ හැකිව තිබු බව ද ඇය පැවසුවාය.
පුළුල් කඳවුරක් තුළ පතොරම් ගබඩාවක් තිබුණද, ප්‍රහාරයක් එල්ල කිරීමේ තීරණය සිවිල් වැසියන්ට සිදුවිය හැකි අතිමහත් හානියට සාපේක්ෂව කිරා මැන බැලිය යුතුව තිබුණි.
මෙම මරණ සහ විනාශයේ පරිමාණය දෙස බලන විට, පකිස්ථාන හමුදාව නිසි 'සමානුපාතිකත්ව තක්සේරුවක්' සිදු කළේද යන්න සහ ඉලක්කය පිළිබඳ තොරතුරු රැස් කිරීමට හා සිවිල් හානිය අවම කිරීමට අවශ්‍ය සියලු පියවර ගත්තේද යන්න පිළිබඳව බරපතල ගැටලු මතු වන බව ද ඇය සඳහන් කළාය.




