Published
අඩු ආදායම්ලාභී පවුල් සඳහා ලබා දෙන අස්වැසුම සහනාධාරය ලබන ප්‍රතිලාභීන් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී අඩකින් පමණ අඩු වී තිබෙනවා.
පසුගිය 2025 වසරේදී අස්වැසුමෙන් ප්රතිලාභ ලැබූ ප්‍රතිලාභීන් සංඛ්‍යාව 2,439,917 ක් සිටියා.
නමුත් මෙම වසරේ අගෝස්තු වන විට එම සංඛ්‍යාව 1,251,522 දක්වා අඩුවී තිබෙනවා.
මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ පෙර පැවැති කාණ්ඩ 4න් සංක්‍රාන්ති සහ අවදානමට ලක්වූ කාණ්ඩ සඳහා වූ ගෙවීම් කාලය පසුගිය දෙසැම්බර් සහ ජූනි මාසවලින් අවසන් වූ බවයි.
දැනට අන්ත දුප්පත් සහ දුප්පත් යන කාණ්ඩ සඳහා පමණක් ප්රතිලාභ ගෙවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
පළමු හා දෙවන අදියරවල අයදුම්පත් සහතික කිරීමේ කටයුතු මේ වන විට සිදුකෙරෙනවා. එම කටයුතු මේ මාසය තුළ අවසන් කිරීමට නියමිතයි.




