චීන ජනාධිපති ෂී ජින්පින් අමෙරිකාවේ සංචාරයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

ඒ, චීනයේ සංචාරයක නිරතවූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ආරාධනයකට අනුවයි.

චීනයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම වසරේ සැප්තැම්බර් හා නොවැම්බර් අතර කාලයේදී චීන ජනාධිපතිවරයාගේ අමෙරිකා සංචාරය සිදුවෙනු ඇති බවයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය තෙදින නිල සංචාරය නිම කරමින් ඊයේ දිනයේ චීනයෙන් පිටත්ව ගියා.