ඉතිහාසයේ වැඩිම විනිමය අනුපාතයක් ගෙන එන වසර මෙම වර්ෂය බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
මෙම වසර අවසන් වන විට ඩොලර් බිලියන 7යි දශම 5ක විනිමය අනුපාතයක් උපයා ගැනීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා පැවසුවේ.
2025 වසරේ මුල් මාස 10 සඳහා සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 2,659ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
2025 ඔක්තෝබර් මාසයේ දී වාර්තා ඇති සංචාරක ඉපැයීම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 186යි දශම 1ක් වනවා.
2024 මුල් මාස 10හි සංචාරක ඉපැයීම් ප්‍රමාණය වූ අමෙරිකානු ඩොලර් මිලියන 2,533යි දශම7 හා සැසඳීමේ දී මෙය සියයට 4යි දශම 9ක වර්ධනයක් බවයි මහ බැංකුව පවසන්නේ.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2025 ජනවාරි සිට නොවැම්බර් 12 දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දහනව ලක්ෂ 72,957ක්.
ඒ අතරින් සංචාරකයින් හාර ලක්ෂ 43,622ක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්.
සංචාරකයින් එක් ලක්ෂ 80,592ක් එක්සත් රාජධානියෙන් සහ එක් ලක්ෂ 44,308ක් රුසියාවෙන් මෙරටට පැමිණ තිබෙනවා.
එක් ලක්ෂ 23,053ක් ජර්මනියෙන් සහ එක් ලක්ෂ 15,400ක් චීනයෙන් පැමිණි බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ.
නොවැම්බර් මාසයේ පළමුවනදා සිට 12 වනදා දක්වා කාලය තුළදී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 82,270ක්.




