Published
හෙට දිනයේ පැවැත්වීමට නියමිත උතුරු නැගෙනහිර හර්තාල් ව්‍යපාරය සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මාධ්‍යයට අද අදහස් පළ කළා. මුලතිව් ශිවනගර්හි පිහිටි ඉවත්කිරීමට නියමිත 12 වැනි සිංහ රෙජිමේන්තුවට අයත් කඳවුරට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයෙකු මියයාමේ සිද්ධියක් මුල්කර ගනිමින් අදාළ හර්තාල් ව්‍යාපාරය සිදු කිරීමට නියමිතයි. එම සිදුවීම සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙලෙස අදහස් පළ කළා.
රජය හා ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් යම් කණ්ඩායමක් දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් මෙම හර්තාල් ව්‍යාපාරය සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා එහිදී පැවසුවේ.