Published
මාවනැල්ල පොලිස් වසමේ ගැඩැබ්බ, ගල් අතර ලිපිනයේ පදිංචි තරුණියක් 2025.07.28 වන දින සිට අතුරුදහන් වී තිබෙනවා
ඒ අනුව ඉහත ලිපිනයේ පදිංචි පුද්ගලයෙකු විසින් ඔහුගේ දියණිය නිවසින් යාමක් සම්බන්ධව මා වැනල්ල පොලිස් ස්ථානයට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදු කරමින් පවතී.
තරුණියගේ විස්තර පහත පරිදි වේ.
නම :-එදිරිසිංහගේ තරුෂි සෙව්වන්දි දිසානායක
වයස :-අවුරුදු 21
ලිපිනය :-ගැඩැබ්බ, ගල් අතර
මෙම තරුණිය සොයා ගැනීම සදහා පොලිසිය මහජන සහය පතන අතර එම තරුණිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් දුරකතන අංකය :- මාවනැල්ල පොලිස් ස්ථනාධිපති 071-8591418 දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.