හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත්අඩංගුවේදී වද හිංසාවට භාජනය වී ඇත්දැයි පරීක්ෂා කිරීමට පංච පුද්ගල විශේෂඥ මානසික අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් පත් කර තිබෙනවා.

ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

ඒ අනුව සුරේෂ් සලේ මහතා අත්අඩංගුවේදී වද හිංසාවට භාජනය වී ඇත්දැයි පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙම නියෝගය ලබාදී තිබෙනවා.

එම වෛද්‍ය පරීක්‍ෂණය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී සිදු කරන ලෙසත් එහිදී නියෝග කෙරුණා.

ඒ අනුව එම වෛද්‍ය වාර්තාව මීළඟ නඩු දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග තිබෙනවා.