Published
උතුරු අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්ක ප්රදේශයේ නව අඩු පීඩන කාලයක් නිර්මාණය වී ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
එය හෙට දින වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
එමෙන්ම ලබන 25 වනදා වනවිට එය ගැඹුරු පීඩන අවපාතයක් බවටත්, ලබන 26 වනදා උදෑසන වනවිට බෙංගාල බොක්කේ බටහිර මධ්යම ප්රදේශය ආශ්රිතව සුළි කුණාටුවක් බවටත් පත්වීමට ඉතා ඉහළ සම්භාවිතාවක් පවතිනවා.




