Published
ලංකා සම සමාජ පක්ෂයේ නායක සහ හිටපු අමාත්‍යවරයෙකු වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වි තිබෙනවා.
කලක් රෝගාතුරව සිටි ඒ මහතා කෝට්ටේ පිහිටි ඔහුගේ නිවසේදී අභාවප්‍රාපත් වි ඇති බවයි වාර්තා වුණේ.
මහාචාර්ය තිස්ස විතාරණ මහතා මිය යන විට ඒ මහතා 92 වියේ පසු වුණා.
1974 වසරේ ලංකා සම සමාජ පක්ෂයෙන් සිය දේශපාලන ගමන් මග ඇරඹූ ඒ මහතා අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තුව නියෝජනය කළා.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ධුරය හොඹවා ඇති තිස්ස විතාරණ මහතා උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.




