Published
ජාතික රණවිරු සැමරුම් උත්සවය පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට පිහිටි රණවිරු ස්මාරකය අභියසදී අද පැවැත්වෙනවා.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන්.
පස්වරු තුනට එම වැඩසටහන ආරම්භ වීමට නියමිතයි.
රණවිරු සේවා අධිකාරිය පැවසුවේ 2,769 දෙනෙකු අද දිනයේ පැවැත්වෙන ජාතික රණවිරු සැමරුම් උත්සවයට සහභාගිවන බවයි.
මේ අතර යුද බිමේදී දිවිපිදූ, රණක්ෂිතයට පත් වූ රණවිරුවන් වෙනුවෙන් මෙම වසරේදී රුපියල් මිලියන 569 ක මුදලක් වෙන් කර ඇති බවද රණවිරු සේවා අධිකාරිය වැඩිදුරටත් පැවසුවා




