අද දිනයේ සිට අධිවේගී මාර්ගවල ගමන් කරන බස් රථ ඇතුළු සියලුම වාහනවල පුද්ගලයින් ආසන පටි පැළඳීම අනිවාර්ය බව මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා.

එහි සභාපති මංජුල කුලරත්න මහතා පැවසුවේ ආසන පටි නොමැතිව මෙරටට ගෙන්වන ලද ඇතැම් වාහන ඇත්නම් ඔවුන්ට එය සකස් කර ගැනීම සඳහා තවත් මාස තුනක කාලයක් ලබා දෙන බවයි.

ආසන පටි නොමැති වාහනවල මෙය ක්‍රියාත්මක කරන්නේ කෙසේද?

අද දිනයේ සිට අධිවේගයේ ගමන් කරන වාහනවල මගීන් ආසන පටි පැළඳීමට කටයුතු නොකළහොත් දඩ කොළයක් නිකුත් කරනවද?