ඔන්ලයින් ඔස්සේ සිදු කරන සූදු සහ ඔට්ටු තැබීම් සම්බන්ධයෙන් ආණ්ඩුව දැඩි අවධානයක් යොමු කර ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.

ඔහු කියා සිටියේ සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත හරහා මෙතෙක් නොතිබූ නීතිමය තත්ත්වයක් නිර්මාණය කිරීමට හැකි වී ඇති බවයි.

සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත හරහා ආවරණය වන තත්ත්වයන් සම්බන්ධයෙන් ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළා.

ඔන්ලයින් ඔස්සේ සිදු කරන සූදු සහ ඔට්ටු තැබීම් සිදු කරන විවිධ ආයතන සම්බන්ධයෙන් ඉකුත් සමයේ දැඩි කතාබහක් මතුව තිබුණා.

ඒ, ඒවා සිදු කරන ආයතන නිසි නියාමනයකට ලක් නොවන බවට චෝදනා කරමින්.