රජයේ ඩිජිටල් ගෙවීම් වේදිකාව වන ,ගවු පේ, (Gov Pay), 2026 ජනවාරි මාසයේදී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය එකඟතාව පළ කර තිබෙනවා.

මෙම සේවාව දැනට දකුණ, කටුනායක සහ මධ්‍යම අධිවේගී මාර්ග ඇතුළුව ක්‍රියාත්මක වන්නේ බටහිර, දකුණ, උතුර, වයඹ සහ උතුරු මැද පළාත් වල පමණයි.

,ගවු පේ, 2025 දෙසැම්බර් මාසයේදී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර තිබූණේ.

එහෙත් අයහපත් කාලගුණික තත්ත්වය සහ ආපදා තත්ත්ව හේතුවෙන් කල් දැමුණා.

2025 පෙබරවාරි 07 වන දින ,ගවු පේ, නිල වශයෙන් දියත් කළ දින සිට, මේ දක්වා ඒ හරහා ඩිජිටල් ගනුදෙනු 70,178 කට වඩා සිදු කර තිබෙනවා.

එමඟින් රාජ්‍ය ආයතන 221 ක් හරහා රාජ්‍ය සේවා 3,372කට ගෙවීම් පහසුකම ස්ථාපිත කර ඇති බවයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පැවසුවේ.

2025 අප්‍රේල් 10 වන දින සිට මේ දක්වා, මෙම පද්ධතිය හරහා රථවාහන දඩ ගෙවීම් 50,000 කට අධික සංඛ්‍යාවක් සිදු කර තිබෙනවා. එමඟින් උපයා ඇති ආදායම රුපියල් මිලියන 66 කට අධිකයි.

,ගවු පේ, :ඨදඩ ඡ්හ* හරහා 2025 වසරේදී සිදු කළ ඩිජිටල් ගනුදෙනුවල මුළු වටිනාකම රුපියල් බිලියන 2 ඉක්මවා තිබෙනවා.

එහි විශේෂත්වය වන්නේ දින 45ක කාලයක් තුළ එහි ආදායම රුපියල් බිලියන 1 සිට රුපියල් බිලියන 2 දක්වා දෙගුණ වීමයි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා පොලිසිය, කාර්මික අධ්‍යාපන සහ පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව, මොරටුව විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය වැනි ආයතන 2025දී ,ගවු පේ, සඳහා ඉහළම දායකත්වයක් ලබා දුන් ආයතන අතරට පැමිණ තිබෙනවා.

රී බිල්ඩ් ශ්‍රී ලංකා ආපදා සහන අරමුදලට ද විදේශයන්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන ආධාර ඇතුළුව ගනුදෙනු 909ක් හරහා රුපියල් මිලියන 14 කට ආසන්න මුදලක් එම අරමුදලට ලැබී ඇති බවයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවේ.