දක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරු ඉදිකිරීම් ඇතැම් දේශපාලඥයින්ගේ වුවමනාව මත සිදුකර තිබෙන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා.

ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා දක්ෂිණ අධිවේගී මාර්ගයේ මතුව ඇති ගැටලුවක් පිළිබඳ අමාත්‍යවරයාගෙන් සිදුකල ප්‍රශ්න කිරීමකදීයි.

දේශපාලඥයින් අයථා ලෙස දේපල රැස්කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර ඔවුන් පිළිබඳ තොරතුරු හෙළි කරන්නැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා.

ඉරාන – ඊශ්‍රායල ගැටුම තවදුරටත් උග්‍ර වුවහොත් එහි බලපෑම ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට ඇතිවිය හැකි බවයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ.

රේගුවෙන් නිදහස් කරා යැයි කියන බහාලුම් රථ 323 සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා අද දිනයේදී ද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.