මෙම වසරේ අවසන් කාර්තුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලා ඇති සියයට හයයි දශම අටක ගාස්තු වැඩි කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සිය අවසන් තීන්දුව මෙම මස 14 වනදා ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

එම කොමිෂන් සභාවේ ආයතන හා නිවේදන අංශයේ අධ්‍යක්ෂක ජයනාත් හේරත් මහතා පැවසුවේ අදාල ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන දිනය ද එදිනට ප්‍රකාශයට පත් කරන බවයි.

මේ අතර විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම සඳහා ඊයේ කොළඹදී පැවති අවසන් මහජන උපදේශන සැසියට බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයින්, දේශපාලඥයින් ඇතුලු පාර්ශ්ව රැසක් එක්ව සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එහිදී අදහස් දැක්වූයේ මෙලෙසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ද එහිදී අදහස් පළ කළා.