Published
උපරිම මිල නියම කළ ඖෂධ වැඩි මිලට අලෙවි කරන ඔසුසැල් සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දෙන්නැයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේ ඖෂධ වර්ග 350ක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බවයි.
එම මිල සීමාව ඉක්මවා ඖෂධ අලෙවි කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවද ඔහු සදහන් කළා.
ඉදිරි සති දෙක තුළදී තවත් ඖෂධ 250කට ආසන්න ප්‍රමාණයකට උපරිම සිල්ලර මිලක් නියම කිරීමට ද බලාපොරොත්තු වන බවයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේ.




