Published
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් පැවැත්වෙන භික්ෂු විරෝධතාවය තවදුරටත් පැවැත්වෙනවා.
ඒ කොළඹ විහාර මහා දේවී උද්යාන පරිශ්රයේදීයි.
ඥානසාර හිමියන්ට නිදහස ලබාදන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාව අඛණ්ඩව සිදුකරන බවයි පූජ්ය බළන්ගොඩ කස්සප හිමියන් අද මාධ්ය හමුවේ කියා සිටියේ.
ඥානසාර හිමියන්ට නිදහස ලැබෙන තෙක් රාජ්ය උත්සව වර්ජනය කිරීමට විරෝධතාවට සහාය පළකරන භික්ෂූන් වහන්සේලා තීරණයක් ගැන ඇති බවද පූජ්ය බලන්ගොඩ කස්සප හිමියන් එහිදී කියා සිටියා.



