Published
මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුන වැවේ ධම්මරතන හිමියන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු උන්වහන්සේ මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ පසුගිය ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රීවරයෙක් ඔහුගේ බලය පවත්වමින් මුර කපලු විනාශ කර දැමුවත් මේ වනතුරුත් ඒවා නැවත පිළිසකර කරන්න කිසිවෙකු ඉදිරිපත් නොවන බවයි.. අනවසර වෙළඳසැල් ඉවත් කිරීමට අධිකරණ නියෝග ලබා දුන්නත් පුරාවිද්‍යාවේ සහ හිටපු මන්ත්‍රීවරුත් දැන් ඉන්න මන්ත්‍රීවරයකුත් මිහින්තලේ පූජාභූමියේ අනවසර වෙළඳසැල් ඉදිකරන බවත් කියා සිටියා.