අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා කෙටි කාලීන සහ දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසනවා.

අලි මිනිස් ගැටුම උග්‍ර වීම සම්බන්ධයෙන් හිටපු ඇතැම් දේශපාලඥයින් ද වගකිව යුතු බවයි අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වැඩසටහන් සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් සම්බන්ධයෙන් ද පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා අදහස් කරුණු දැක්වූවා.

ගතවූ වසර 09ක කාලය තුළ පමණක් අලි මිනිස් ගැටුම හේතුවෙන් සිදුව ඇති වන අලි මරණ සංඛ්‍යාව 3,477කට අධිකයි. අදාළ කාලය තුළ රටට අහිමි වී ඇති මිනිස් ජීවිත සංඛ්‍යාව 1,190කට අධික වනවා.