යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනීවළ සිදු කළ සිව්වන අදියරේ කැනීම් තුළින් ඊයේ දිනයේදී තවත් මිනිස් සිරුරු තුනකට අදාළ අස්ථි කොටස් මතුකරගත් බව කැනීම් නිළධාරීන් පවසනවා.

ඒ අනුව සමූහ මිනිවළේ කැනීම් තුළින් මේ වන විට මිනිස් සිරුරු 88කට අදාළ අස්ථි කොටස් මතුකරගෙන ඇති බවයි කැනීම් නිළධාරීන් පැවසුවේ.

මිනිස් සිරුරු 76කට අදාළ අස්ථි කොටස් ගොඩගෙන ඇති බවද ඔවුන් පැවසුවා.

යාපනය පොලීසිය වෙත පැවරී තිබූ පරීක්ෂණ කටයුතු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා සිදුකරමින් පවතින බවයි කැනීම් නිළධාරීන් වැඩිදුරටත් පැවසුවේ.