Published
රටේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අමාත්‍යවරුන් නිවැරදි තීන්දු තීරණ ගත යුතු බවත් ඇතැම් රාජ්‍ය නිලධාරීන් විසින් සිදු කරනු ලබන අඩුපාඩුකම් නිවැරදි කළ යුතු බවත් බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සම්පත් මිරෙන්චිගේ මහතා පැවසුවේ එම අඩුපාඩු නිවැරදි කර ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වෙළඳ ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම වෘත්තිකයන්ද එක් කර ගන්නා ලෙසට රජයෙන් ඉල්ලීමක් කරන බවයි. එමෙන්ම අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද සියයට 20ක් දක්වා අඩු කිරීමට මැදිහත් වූ සියලු පාර්ශවවලට ස්තුතිය පුද කරන බවට ඔහු වැඩිදුරටත් පැවසුවා.