Published
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
එ, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා
ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක කාර්යාලයට සේවකයන් සිව්දෙනෙකු බඳවා ගෙන ඔවුන්, පුද්ගලික වැඩවලට යොදාගැනීමේ චෝදනාවකට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.



