නිකවැරටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන වයස අවුරුදු 14 සහ 15 වි්යහෙි පසුවන ගැහැණු ළමුන් තිදෙනෙකුගේ ස්වභාවික ඡායා රූප ලබා ගෙන ඒ අයි තාක්ෂණය යොදා ගෙන එම ජායා රූප නිරුවත් ඡායා රූප බවට පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිකවැරටිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කල පාසල් සිසුවෙකු සහ එකී වරද සිදු කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාවට අධිකරණයට ඉදිරිපත් කල විදුහල්පතිවරයකු ශරීර ඇප මත මුද හරින ලෙස නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව සැකකාර පාසල් සිසුවාට සහ විදුහල්පතිවරයාට වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ 10 ක් වටිනා ශරීර ඇප එක බැගින් නියම කල මහේස්ත්‍රාත් අධිකරණය ඇපකරුවන් ළඟම ඥාතීන් විිය යුතු බවටද නියෝග කරනු ලැබීය.
යළි මේ මස 23 දින නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද සැකකාර පාසල් සිසිවාට සහ විදුහල්පතිවරයාට තවදුරටත් නියෝග කෙරිණ
මෙසේ ඇප මත මුදා හැරියේ නිකවැරටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන පාසල් සිසුවෙකු සහ එම සිසුවා ඉගෙනුම ලබන පාසලේම විදුහල්පතිවරයා වන දයානන්ද ජයසුන්දර නැමැත්තෙකි.
පළමු සැකකාර පාසල් සිසුවා ඔහුගේම සම වයසේ පසු වන පාසල් සිසුවියන් තිදෙනෙකුගේ ස්වභාවික ජායා රූප ලබා ගෙන පසුව ඒ අයි තාක්ෂණය යොදා ගෙන එම ජායා රූප නිරුවත් ජායා රූප බවට පත් කර සිය ස්මාට් ජංගම දුරකථනයේ ගබඩා කර තබා ගෙන සිට ඇති බව අධිකරණයේදි කරුණු අනාවරණය විය.
පසුව අදාළ නිරුවත් ඡායා රූප සහිත ජංගම දුරකථකය සිය බාරයට ගෙන ඇති දෙවන සැකකාර විදුහල්පතවරයා අදාළ සිද්ධිය පිළිබඳව පොලිසිය දැනුවත් නොකර සිද්ධිය සමථයට පත් කල බව පවසා නිරුවත් ඡායා රූප සහිත සිසුවාට අයත් ස්මාර්ට් ජංගම දුරකථනය මාසයකට අධික කාලයක් විදුහල්පතිවරයා සන්තකයේ නීති විරෝධීව තබා ගෙන සිට ඇති බවත් අධිකරණයේදී අනාවරණ විය
ශ්‍රී ලංක දණ්ඩ නීති සංග්‍රහයේ 286 සහ 361 සහ 346 යන වගන්ති ප්‍රකාරව සැකකාර සිසුවා සහ විදුහල්පතිවරයා අධිකරණයට ඉදිරිපත් කෙරිණ.
නිකවැරටිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් චාමින්ද මහතාගේ උපදෙස් මත උප පොලිස් පරික්ෂක ජේ ඒ එන් ඩී සුමනදාස මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු කී අතර සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් කන්ඩායමක් පෙනී සිටි තිබෙනවා.
නිකවැරටිය කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගාල්ලගේ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ නිකවැරටිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් චාමින්ද මහතාගේ මෙහෙයවීම මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුටරත් විමර්ශන සිදු කරනු ලබනවා.
සැකකාර පාසල් සිසුවා අධ්‍යාපනය ලබන මෙන්ම සැකකාර විදුහල්පතිවරයා සේවය කරන විදුහලේ ආදී ශිෂ්‍ය සංගමය නිකවැරටිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්රධනා පොලිස් පරික්ෂක රුවන් චාමින්ද මහතාට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන මෙහෙයවා සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය


