Published
විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් ලක්ෂ 04කට අධික ප්‍රමාණයක් රට තුළ ජීවත්වන බවට අනුමාන කෙරෙන බව මහජන ආරක්‍ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින පුද්ගලයින් පුනරුත්තාපනය කිරීමේ මධ්‍යස්ථාන සෑම දිස්ත්‍රික්කයකම ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
එළඹෙන 26 වනදාට යෙදී ඇති මත්ද්‍රව්‍ය විරෝධී දිනය වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මෙම මාධ්‍ය හමුවට එක්වූ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා කියා සිටියේ මත්ද්‍රව්‍ය ව්‍යසනය සමාජය මුහුණ පා සිටින ප්‍රධාන ව්‍යසනයක් ලෙස හඳුනාගෙන ඇති බවයි.