හුති සන්නද්ධ කණ්ඩායම් හේතුවෙන් යේමනයේ තායිස් ප්‍රදේශයේ පවතින මානුෂීය අර්බුදය තවත් ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසනවා.

යේමනයේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් රජයේ සමාජ කටයුතු සහ කාර්මික අමාත්‍යාංශය, ජාත්‍යන්තර සහ කලාපීය සංවිධානවලින් ඉල්ලා සිටින්නේ එම ප්‍රදේශයට ලබාදෙන මානුෂීය ආධාර වහාම ඉහළ නංවන ලෙසයි. ආහාර, නවාතැන්, සෞඛ්‍ය පහසුකම්, පානීය ජලය ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයාදීමට ඉදිරිපත් වන ලෙස එම අමාත්‍යාංශය රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සංවිධාන සහ පෞද්ගලික අංශයෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.

එහිදී ළමයින්, කාන්තාවන්, වැඩිහිටියන්, ආබාධිත පුද්ගලයින් සහ දැඩි ලෙස අසරණවූ පවුල් කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරන ලෙසයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.