Published
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කොළඹ ඇතුලු ඇතැම් ප්‍රදේශවල අද පෙරවරුවේ වාහන තදබදයක් පැවතියා.
ඒ ඊයේ රාත්‍රියේ සිට ඇදහැලෙන වැසි නිසා ඇතැම් මාර්ගවල ජලය පිරීයාම හේතුවෙන්.
කෙසේවෙතත් වාහන තදබදය පාලනය කිර්‍රම සදහා වැසි නොකතා බොහෝ ප්‍රදේශවල පොලිස් නිලදාරීන් කටයුතු කරන ආකාරයක් දක්නට ලැබුණා.
මේ අතර ප්‍රදේශ කිහිපයක අද දිනයේ මිලිමීටර් 200ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලට, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට එලෙස තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු, උතුරු මැද පළාත් සහ ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව කියා සිටියා.




