වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කන්ඩායමක් අනුරාධපුර විහාරපාලුගම දී සිදු කරන ලද විශේෂ වැටලීමකදී ගෝන මස් කබල්ලා මස් මී මින්නා සහ ඉබි මස් තොගයක් සහ ඉබි බිත්ර 14 ක් සහ ගල් ඉබ්බන් 6 දෙනෙකු සහ ඇත් දළ කොටස් වලින් සකසා ඇති බවට සැක කෙරෙන පලදනාවක් සමඟ අත් අඩංගුවට ගෙන අධිකරණ හමුවට ඉදිරිපත් කල අනුරාධපුර පූජා නගරයේ ප්‍රධාන පෙලේ ආගමික සිද්ධස්ථානයක කෝටිපති ප්‍රධාන කපුවා මේ මස 21 දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් දසුනි හපුආරච්චි මෙනවිය අද නියේග කර තිබෙනවා.

සැකකාර ප්‍රධාන කපුවා සමඟ අත් අඩංගුවට ගත් විිවිධ වන සතුන්ගේ මස් කොටස් වල සාම්පල සහ ඇත්දල වලින් සකසා ඇති බව කියන පලදනාව රජයේ රස පක්ෂකවරයා වෙත යාව ඊට අදාළ රස පරික්ෂක වාර්තා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද වනජීවි නිලධාරීන්ට නියෝග කල අතිරේක මහේස්ත්‍රාත් දසුනි හපුආරච්චි මෙනවිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද තවදුරටත් නියෝග කර තිබෙනවා.

මෙසේ රිමාන්ඩ් බාරයට පත් කලේ අනුරාධපුර ජය ශ්‍රි මහ බෝධියේ ප්‍රධාන කපුවා වන අනුරාධපුර විහාරපා`ලුගම ලිපිනයේ පදිංචි බී ජයවර්ධන නොහොත් මංජු නැමැති 50 හැවිරිදි පුද්ගලයෙකි

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුුණු දක්වමින් රිටිගල වනජීවි කාර්යාලයේ වනජීවි නිලධාරීන් පැවසුවේ සැකකරු කලක සිට මෙම දඩ මස් ජාවාරම සිදු කර ගෙන ගොස් ඇද්ද? යන්න සහ සකකරු සන්තකෙය් තිබු විවිධ වන සතුන්ගේ මස් කොටස් ඔහුට ලැබුනේ කෙසේද? යන්න සහ සැකකැර විසින්ම වන සතුන් මරා මස් ලබා ගෙන තිබේද? යන්න අනාවරණ කර ගැනීමට මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවයි

ඒ අනුව සැකකරු රිමාන්ඩ් බාරයට පත් කරන ලෙසද වනජීවි නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය සැකකාර ප්‍රධාන කපුවා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිීිඥ රංජිත් රාජකරුනා දීර්ඝව කරුණු දක්වමින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායකයා ඔනෑම ඇප කොන්දේසියත් මත මුදා හරින ලෙයසි

දෙපාර්ශවයේ කරුණු දැක්වීම් සැළකිල්ලට ගත් අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් දසුනි හපුආරච්චි මෙනවිය සැකකරු ඔනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කල ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කරමින් සැකකාර ප්‍රධාන කපුවා මේ මස 21 දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කිරීමට නියෝග කළාය

සැකකාර කපුවාගේ නිවසේ විවිධ වර්ගයේ වන සතුන්ගේ දඩ මස් තොගයක් සමඟ සහ පණ පිටින් සිටින ගල් ඉබ්බන් ඉතා රහසිගත ලෙස සඟවා ගෙන සිටින බවට වනජීවී දෙපාර්තමේන්තුවට ලද තොරතුරකට අනුව සිදු කල වැටලීමකදී සැකකාර කපුවා සහ විවිධ වන සතුන්ගේ දඩ මස් ඉබි බිත්තර සහ ඇත් දළ වලින් සකසන ලද බවට සැක කෙරෙන වලල්ලක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.