Published
හිටපු ජනාධිපතිවරුන් විසින් භාවිත කළ නිල නිවාස වඩාත් ඵලදායී පෙස ජනතා යහපත වෙනුවෙන් යෙදවීමට ආණ්ඩුව කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.
ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව ඉදිරියේදී තීරණයක් ගනු ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාවිත කළ නිල නිවස ආණ්ඩුව කලින් පැවසූ පරිදි රුපියල් ලක්ෂ 46ක කුලියකට දී පෙන්වන ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කළ අභියෝගය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදි නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මෙම අදහස් පළ කළා.
අදාළ කරුණ සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පළ කළ අදහසයි මේ.
එම ප්‍රකාශයට නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා.




