රජය විසින් අප වෙත එවන ලද ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් මෙසේ පළ කරමු.
මෙහි දක්වා ඇති සියලු කරුණු වල වගකීම රජය සතු වේ.
ප්රශ්නය : දින 45ක සාමාන්‍ය කාලසීමාව ලබා දෙනවා වෙනුවට ටෙන්ඩර් ක්‍රියාවලිය කෙටි කළේ ඇයි?
පිළිතුර:
සාමාන්‍ය වසරකදී, ගල් අඟුරු ප්‍රසම්පාදන ටෙන්ඩර් ක්‍රියාවලිය පෙබරවාරි හෝ මාර්තු වැනි මුල් භාගයේදී ආරම්භ වේ. එසේ කරනුයේ මෙහෙයුම් සහ කාලගුණික බාධාවන් (වාරකන්) මහ හරවා ගනිමින් නැව්ගත කිරීම් සහ ඛෙදා හැරීම් සිදු කිරීමටය. කෙසේ වෙතත්, පසුගිය වසරේ ටෙන්ඩර් ක්‍රියාවලිය නැවත නැවතත් දීර්ඝ වූ අතර එය අගෝස්තු/සැප්තැම්බර් දක්වා කල් ගියේය.
වත්මන් රජය යටතේ පත් වූ පළමු සභාපති සිරිමත් ඩයස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේදී නිකුත් කළ ලිපිය මගින් මෙම දීර්ඝ ප්‍රමාදයට හේතු පැහැදිලි කළ අතර, එය ප්‍රසිද්ධ කාරණයක් බවට පත් විය. මෙහිදී හඳුනාගත් මූලික ගැටලුව වූයේ ලංකා ගල් අඟුරු සමාගමේ (LCC) කළමනාකාරීත්වය -විශේෂයෙන්ම එහි සාමාන්‍යාධිකාරිවරයාට - මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය දීර්ඝ කිරීමට අවශ්‍ය වී තිබීමයි. ඊට හේතුව වූයේ පෙර සැපයුම්කරු වූ 'Potential LLC' සමාගම අදාළ සැපයුම්කරු ලියාපදිංචි කිරීමේ සුදුසුකම් සපුරා නොතිබීමයි.
මෙහි ප්‍රධාන ලියාපදිංචි සුදුසුකමක් වූයේ, මීට පෙර ගල් අඟුරු මෙට්‍රික් ටොන් 500,000ක් සැපයූ බවට ලියාපදිංදිංචි වන අවස්ථාවේදී අදාළ බිල්පත්/ලේඛන මගින් ඔප්පු කිරීමයි. පසුගිය පාලන සමයේ දුෂිතනිලධාරීන්ගේ අනිසි මැදිහත්වීම් හේතුවෙන්, නිසි ලියාපදිංචියක් නොමැතිව මෙන්ම ලංසු ඇපකරයක් (Bid bond) සහ කාර්ය සාධන ඇපකරයක් (Performance security) වැනි ප්‍රධාන ආරක්ෂණ විධි විධාන පවා නොමැතිව පෙර සැපයුම්කරුට කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබුණි.
ටෙන්ඩර් ක්‍රියාවලිය අසාමාන්‍ය ලෙස දිගු කාලයක් ප්‍රමාද වීම නිසා, ප්‍රසම්පාදන සැලසුම් ප්‍රායෝගික නැව්ගත කිරීමේ බාධාවන් සමඟ ගැටුණි. එනම්, පුත්තලම ආශ්‍රිතව ගල් අඟුරු ආනයනය සහ නැංගුරමිලා තැබීමේ මෙහෙයුම් සිදු කළ හැක්කේ වසරේ වාරකන් නොමැති සීමිත කාලසීමාවක් තුළ පමණි. එම කාලසීමාව සීඝ්රයෙන් අවසන් වෙමින් පැවති හෙයින්, රජය හදිසි ප්‍රසම්පාදන ක්‍රමවේදයක් අනුගමනය කළ අතර සම්මත ටෙන්ඩර් කාල සීමාව අඩු කිරීමට කැබිනට් අනුමැතිය ලබා ගත්තේය. මෙම කෙටි කරන ලද ප්‍රසම්පාදන කාල සීමාවට හේතු වූයේ එම කැබිනට් මණ්ඩලය අනුමත කළ හදිසි ක්රියාපටිපාටයයි.
ප්රශ්නය : දින 45ක කාලයක් ලබා දුන්නේ නම්, ටෙන්ඩරය පිරිනැමීමට තවමත් මාස දෙකකට ආසන්න කාලයක් ගත වූයේ ඇයි?
පිළිතුර:
2024-2025 වාරය සඳහා වන ගල් අඟුරු ටෙන්ඩරය අගෝස්තු මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද අතර, ප්‍රකාශයට පත් කළ දින සිටම ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සෑම අදියරකදීම පැහැදිලි හා විනිවිද පෙනෙන කාල රාමුවක් එහි දක්වා තිබුණි. එම කාලරාමුව කිසිදු වෙනසකින් තොරව සම්පූර්ණයෙන්ම අනුගමනය කරන ලදී.
සැප්තැම්බර් 15 වන දින දක්වා තරඟකාරී ලංසු ඉදිරිපත් කිරීම සඳහා ටෙන්ඩරය විවෘතව පැවති අතර, ඒ සඳහා ලංසු හතරක් ලැබුණි. සැප්තැම්බර් 15 වන දින ලංසු නිල වශයෙන් විවෘත කරන ලද අතර, තාක්ෂණික හා වාණිජ ඇගයීම් වලින් අනතුරුව "Trident Chemphar' සමාගම අවම මිලක් ඉදිරිපත් කළ සුදුසුම ලංසුකරු ලෙස හඳුනා ගන්නා ලදී.
ප්‍රසම්පාදන නීති වලට අනුකූලව, යම් අගතියට පත් ලංසුකරුවෙකු සිටි නම් අභියාවනා ඉදිරිපත් කිරීම සඳහා දින 14 ක කාලයක් ලබා දෙන ලදී. එම ව්‍යවස්ථාපිත අභියාචනා කාලය තුළ කිසිදු අභියාචනයක් ඉදිරිපත් නොවීය. ඉන් අනතුරුව, තේරී පත් වූ ලංසුකරුට (ටෙන්ඩර් කොන්දේසි යටතේ දක්වා ඇති පරිදි) අවශ්‍ය කාර්ය සාධන ඇපකරය (Performance Security) ඉදිරිපත් කිරීම සඳහා තවත් දින 10-14 ක කාලයක් ලබා දෙන ලදී. මෙම අවස්ථාවේදී එම ඇප කර මුදල ඇමරිකානු ඩොලර් මිලියන 15 ක් විය.
ඒ අනුව, ලංසු ඉදිරිපත් කිරීම, ලංසු විවෘත කිරීම, ඇගයීම, අභියාචනා කාලසීමාව සහ කාර්ය සාධන ඇප කර තැන්පත් කිරීම යන සියලුම අනිවාය අදියරයන් ටෙන්ඩර් ලේඛනවල දක්වා ඇති රාමුව තුළ ක්‍රියාත්මක විය. සමස්ත ක්‍රියාවලිය සති කිහිපයක් පුරා විහිදී ගියද, එය සිදු වූයේ අනිවාර්ය පටිපාටිමය කාලරාමු හේතුවෙන් මිස ප්‍රමාදයන් හෝ අක්‍රමිකතා නිසා නොවේ.
වැදගත්ම කරුණ නම්, මෙහෙයුම් සහ කාලගුණික බාධාවන් සැලකිල්ලට ගනිමින් මෙම ටෙන්ඩරය සඳහා අනුගමනය කරන ලද " හදිසි ප්‍රසම්පාදන යාන්ත්‍රණය " අමාත්‍ය මණ්ඩලය (කැබිනට් මණ්ඩලය) විසින් අනුමත කරන ලද්දකි. එබැවින්, ටෙන්ඩරය පවත්වනු ලැබුවේ අනුමත ක්‍රියා පටිපාටි වලට පුර්ණ අනුකුලව වන අතර, එහි කාල රාමුවෙහි හෝ පිරිනැමීමේ ක්රියාවලියෙහි කිසිදු පටිපාටිමය අක්‍රමිකතාවක් සිදු නොවීය.
ප්රශ්නය : මෙම ටෙන්ඩරය බාහිර බලපෑමකින් හෝ මැදිහත් වීමකින් තොරව ප්‍රථම වතාවට පිරිනැමූ බවට ඇති සාක්ෂි මොනවාද?
පිළිතුර:
මෙම ටෙන්ඩර් ක්‍රියාවලිය තුළ බාහිර බලපෑම් නොමැති බව පෙන්නුම් කරන පැහැදිලිම දර්ශකයක් වන්නේ වෙළඳපල සහභාගීත්වයයි. මෑත ඉතිහාසයේ ප්‍රථම වතාවට, ලංකා ගල් අඟුරු සමාගමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා ලංසුකරුවන් 11 දෙනෙකු ආකර්ෂණය විය. මීට පෙර ලංකා ගල් අඟුරු සමාගම විසින් පවත්වන ලද කිසිදු ගල් අඟුරු ටෙන්ඩරයක මෙවැනි ඉහළ මට්ටමේ තරඟකාරී සහභාගිත්වයක් වාර්තා වී නොමැත. වැඩි ලංසුකරුවන් සංඛ්‍යාවක් සහභාගී වීම යනු ප්‍රසම්පාදන ක්‍රියාවලියක සාධාරණත්වය සහ විනිවිදභාවය කෙරෙහි ඇති විශ්වාසය පිළිබඳ ප්‍රධාන දර්ශකයක් ලෙස පිළිගැනේ.
ලංසු ඉදිරිපත් කිරීමෙන් සහ ඇගයීමෙන් අනතුරුව, යම් අක්‍රමිකතාවක් හෝ පටිපාටිමය උල්ලංසනයක් සිදුව ඇත්නම්, එම ඇගයීම, මිල ගණන් හෝ ක්‍රියා පටිපාටිය නිල වශයෙන් අභියෝගයට ලක් කිරීම සඳහා ලංසුකරුවන් 11 දෙනාටම දින 14 ක අනිවාර්ය අභියාචනා කාලයක් ලබා දෙන ලදී. එම කාලසීමාව තුළ කිසිදු ලංසුකරුවෙකු විසින් කිසිදු අභියාචනයක් ඉදිරිපත් නොකරන ලදී.
තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් අවම මිලක් ඉදිරිපත් කළ ලංසුකරුගේ තාක්ෂණික හැකියාව, මූල්‍ය ශක්තිය සහ සැපයුම හැකියාව තහවුරු කිරීමෙන් අනතුරුව, ටෙන්ඩරය පිරිනැමීම සිදු කරනු ලැබුවේ දැඩි ලෙසම අවම මිල පදනම් කරගනිමිනි. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා මෙම ටෙන්ඩරය ඉදිරිපත් කරනු ලැබුවේ තාක්ෂණික හා වාණිජ ඇගයීම් අවසන් කර, අභියාචනා කාලය ද කිසිදු අභියෝගයකින් තොරව අවසන් වූ පසුව පමණි.
අද වන විටත්, මෙම ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු අභියාචනයක්, ප්‍රසම්පාදන පැමිණිල්ලක් හෝ අධිකරණ ක්‍රියාවලියක් ගොනු කර නොමැත. අසාමාන්‍ය ලෙස වැඩි ලංසුකරුවන් පිරිසක් සහභාගී වී සිටියදීස්, කිසිදු නෛතික අභියෝගයක් හෝ අභියාචනයක් ඉදිරිපත් නොවීම මෙම ටෙන්ඩර් ක්‍රියාවලියේ අවංකභාවය, විනිවිද භාවය සහ පටිපාටිමය නිවැරදි භාවය පිළිබඳ ඇති ප්‍රබලම සාක්ෂියයි.
ප්රශ්නය : නොරොචෝල බලාගාරය සඳහා නියම කර ඇති ගල් අඟුරු ගුණාත්මක භාවය කුමක්ද සහ පිළිගනු ලබන ප්රමිතීන් මොනවාද?
පිළිතුර:
ලක්විජය (නොරොව්වෝල) බලාගාරය සඳහා ලබාගන්නා ගල් අඟුරු, ලංකා ගල් අඟුරු සමාගමේ ටෙන්ඩර් ලේඛනවල 5 වන කොටස ( ගල් අඟුරු පිරිවිතර - Coal Specifications) යටතේ දක්වා ඇති පැහැදිලි තාක්ෂණික පිරිවිතරයන්ට යටත් වේ. මෙම පිරිවිතරයන් අභිමතය පරිදි වෙනස් කළ නොහැකි අතර ඒවා සියලුම සැපයුම්කරුවන්ට එක හා සමානව අදාළ වේ.
ලංකා ගල් අඟුරු සමාගමේ (LCC) සම්මත අගයන්ට අනුව, මෙම බලාගාරය සැලසුම් කර ඇත්තේ අඩු සල්ෆර් සහිත තාප ගල් අඟුරු (low-sulphur thermal coal) භාවිතයෙන් මූලික බර පද්ධතියක් (base-load power station) ලෙස ක්‍රියා කිරීමටය. ඒ සඳහා වන ප්‍රධාන පරාමිතීන් (ලැබෙන අවස්ථාවේ පවතින පදනම මත) පහත පරිදි වේ:
- දළ කැලරි වටිනාකම (GCV): දළ වශයෙන් 6,150 kcal/kg
- සමස්ත තෙතමනය (Total Moisture): 12% හෝ ඊට අඩු
- අළු ප්‍රමාණය (Ash Content): 11% හෝ ඊට අඩු
- වාෂ්පශීලී ද්‍රව්‍ය (Volatile Matter): 31% ක් පමණ
- ස්ථාවර කාබන් (Fixed Carbon): 49.5% ක් පමණ
- සල්ෆර් ප්‍රමාණය (Sulphur Content): 0.5% හෝ ඊට අඩු
- හාග්රෝව් ඇඹරුම් දර්ශකය (HGl): 50 ක් පමණ
- ගල් අඟුරු ප්‍රමාණ ව්‍යාප්තිය (Coal Size Distribution):
- මිලිමීටර් 50 ට වැඩි: 3% හෝ ඊට අඩු
- මිලිමීටර් 2 ට අඩු: 22.5% හෝ ඊට අඩු
- අළු ද්‍රවශීලතා උෂ්ණත්වය (Ash Fusion Temperature - Reducing Atmosphere):
- ආරම්භක විකෘතිතා උෂ්ණත්වය (IDT): ≥ 1,250°C
- ද්‍රව උෂ්ණත්වය (FT): ≥ 1,325°C
මෙම සම්මත ඉලක්කගත අගයන්ට අමතරව, ලංකා ගල් අඟුරු සමාගමේ ටෙන්ඩර් ලේඛන මගින් " ප්‍රතික්ෂේපිත අගයන්" (LCC Reject Values) ද පැහැදිලිව දක්වා ඇත. යම් ගල් අඟුරු තොගයක් ප්‍රතික්ෂේප කරනු ලබන සීමාවන් එමගින් නියම කෙරේ. උදාහරණයක් ලෙස:
- දළ කැලරි වටිනාකම (GCV): 5,900 kcal/kg ට අඩු වීම.
- සමස්ත තෙතමනය හෝ අළු ප්‍රමාණය: 16% ට වැඩි වීම.
- සල්ෆර් ප්‍රමාණය: 1% ට වැඩි වීම.
- අළු ද්‍රවශීලතා උෂ්ණත්වය: නියමිත සීමාවන්ට වඩා අඩු වීම.
ඉහත කරුණු අනුව ප්‍රතික්ෂේප කිරීමේ පදනම සැකසේ.
එබැවින්, නොරොචෝල සඳහා පිළිගනු ලබන ගල් අඟුරු අහඹු ලෙස තීරණය කරන ඒවා නොවන අතර ඒවා පුර්ව ප්‍රකාශිත,මැනිය හැකි තාක්ෂණික නිර්ණායක මගින් පාලනය වේ. සපයනු ලබන ඕනෑම ගල් අඟුරු තොගයක් මෙම පරාමිතීන් තුළ තිබිය යුතු අතර, එසේ නොමැති වුවහොත් එම තොග ප්‍රතික්ෂේප කිරීම ඇතුළු ගිවිසුම්ගත ප්‍රතිකර්ම සඳහා ලංකා ගල් අඟුරු සමාගමට අයිතිය ඇත.
ප්රශ්නය : ගල් අඟුරු වල ගුණාත්මක භාවය තීරණය කරන්නේ කෙසේද සහ පිරිවිතරයන්ට අනුකූලද යන්න තීරණය කිරීමට භාවිතා කරන යාන්ත්‍රණය කුමක්ද?
පිළිතුර:
ලක්විජය (නොරොව්වෝල) බලාගාරය සඳහා වන ගල් අඟුරු වල ගුණාත්මකභාවය තීරණය කිරීම, ලංකා ගල් අඟුරු සමාගමේ ටෙන්ඩර් ලේඛනවල දක්වා ඇති, කලින් නිර්වචනය කරන ලද බහු-අදියර තාක්ෂණික හා ගිවිසුම්ගත යාන්ත්‍රණයක් හරහා සිදු කරනු ලැබේ. මෙය සියලුම සැපයුම්කරුවන්ට එක හා සමානව අදාළ වේ.
පළමුවෙන්ම, ගල් අඟුරු පිරිවිතරයන් අභිමතය පරිදි තීරණය කරනු නොලැබේ. ඒවා පදනම් වී
ඇත්තේ:
- බෝයිලර් සැලසුම් (Boiler design), ඇසිරුම පද්ධතිය (Milling system), දහන ලක්ෂණ සහ පාරිසරික සීමාවන් ඇතුළු ලක්විජය බලාගාරයේ සැලසුම් පරාමිතීන් මතය;
- මුලික බර පද්ධතියක් සහිත ගල් අඟුරු බලාගාර සඳහා භාවිතා කරන ජාත්‍යන්තරව පිළිගත් තාප ගල් අඟුරු ප්‍රමිතින් (Thermal coal standards) මතය;
- නොරොව්වෝල බලාගාරය වසර ගණනාවක් පුරා ක්‍රියාත්මක කිරීමෙන් ලබාගත් මෙහෙයුම් අත්දැකීම් මතය.
නැව ගත කිරීමක් නම් කර පටවනු ලැබූ පසු, එහි ගුණාත්මකභාවය තීරණය කිරීම අදියර කිහිපයකදී සිදු කෙරේ:
1. නැව්ගත කිරීමට පෙර / පැටවීමේ අදියරේ පරීක්ෂණ (Pre-shipment testing):
ස්වාධීන, ජාත්‍යන්තරව පිළිගත් පරීක්ෂණ ආයතනයක් විසින් පටවන වරායේදී සාම්පල ලබා ගනු ලැබේ. මෙම සාම්පල ජාත්‍යන්තර ASTM/ISO ප්‍රමිතිගත පරීක්ෂණ ක්‍රම භාවිතා කරමින් සහතික ලත් රසායනාගාර වලදී පරීක්ෂා කෙරේ. එහිදී GCV, තෙතමනය, අළු, වාෂ්පශීලි ද්‍රව්‍ය, සල්ෆර්, HGl, ප්‍රමාණ ව්‍යාප්තිය සහ අළු ද්‍රවශීලතා උෂ්ණත්වය වැනි පරාමිතීන් තීරණය කරනු ලැබේ.
2. නැව්ගත කිරීම සහ ලේඛන සත්‍යාපනය :
ස්වාධීන රසායනාගාරය විසින් නිකුත් කරන ලද සහතික කළ පරීක්ෂණ වාර්තා නැව්ගත කිරීමේ ලේඛන වල කොටසක් වන අතර, ගොඩබෑමට හා භාවිතයට පෙර ලංකා ගල් අතුරු සමාගම සහ අදාළ තාක්ෂණික නිලධාරීන් විසින් ඒවා සමාලෝචනය කරනු ලැබේ.
3. පැමිණීමෙන් පසු සහ ගොඩ බෑමෙන් පසු සාම්පල ලබා ගැනීම:
පුත්තලමට පැමිණි පසු, ගිවිසුම් කොන්දේසිවලට අනුකූලව ස්වාධීන පරීක්ෂණ ආයතන හරහා නැවතත් අතිරේක සාම්පල ලබා ගැනීම සහ සත්‍යාපනය සිදු කළ හැකිය. මෙම ප්‍රතිඵල ටෙන්ඩරයේ දක්වා ඇති LCC සම්මත අගයන් සහ ප්‍රතික්ෂේපිත අගයන් සමඟ සංසන්දනය කරනු ලැබේ.
4. පිළිගැනීම, මිල ගැලපීම හෝ ප්‍රතික්ෂේප කිරීම:
- ගල් අඟුරු නියමිත ප්‍රමිතීන්ට අනුකූල නම්, ඒවා පිළිගනු ලැබේ.
- ගිවිසුම්ගතව අවසර දී ඇති සීමාවන් තුළ සුළු වශයෙන් වෙනස් වන්නේ නම්, ටෙන්ඩර් කොන්දේසි අනුව මිල ගැලපීමේ යාන්ත්‍රණයන් (Price adjustments) ක්‍රියාත්මක වේ.
- ගල් අඟුරු නියමිත ප්‍රතික්ෂේපිත සීමාවන්ගෙන් බැහැර වන්නේ නම්, එම තොගය ප්‍රතික්ෂේප කිරීමට හෝ ගිවිසුම යටතේ ඇති ප්‍රතිකර්ම ක්‍රියාත්මක කිරීමට ලංකා ගල් අඟුරු සමාගමට නෛතික අයිතිය ඇත.
වැදගත්ම කරුණ නම්, කිසිදු තනි පුද්ගලයෙකු හෝ නිලධාරියෙකු ගල් අඟුරු ගුණාත්මකභාවය තීරණය නොකරන බවයි. මෙම ක්‍රියාවලිය ලේඛන මත පදනම් වූ, රසායනාගාරවල පරීක්ෂා කරන ලද සහ විෂය මූලික මැනිය හැකි පරාමිතීන් මත පදනම් වූවකි. සියලු තීරණ ටෙන්ඩර් පිරිවිතරයන් සහ ස්වාධීන පරීක්ෂණ ප්‍රතිඵල මත පදනම් වේ.
ප්රශ්නය 07 : ගල් අඟුරු ගොඩ බෑමේ සිට මේ දක්වා සිදු වී ඇති මෙහෙයුම පියවර මොනවාද?
පිළිතුර:
අද වන විට, ගල් අඟුරු සැපයීම සහ ගොඩ බෑමේ ක්‍රියාවලිය ගිවිසුම් ගත කාලසටහනට සහ ස්ථාපිතක්රියා පටිපාටිවලට අනුකූලව සිදුවෙමින් පවතී.
පළමු නෞකාව පැමිණ ගොඩ බෑමේ කටයුතු අවසන් කර ඇති අතර, දෙවන නෞකාව ද පැමිණ
ගොඩ බෑමේ කටයුතු අවසන් කර ඇත. තෙවන නෞකාව මේ වන විට ගොඩ බෑමේ ක්රියාවලියෙහි පවතී. පළමු සහ දෙවන නෞකා සඳහා, පටවන වරායේදී (load - port) ස්වාධීන සහ පිළිගත් පරීක්ෂණ ආයතන විසින් නිකුත් කරන ලද ගුණාත්මක වාර්තා මේ වන විටත් ලැබී ඇත.
ඊට අදාළව ගොඩ බෑමේ වරායේදී (discharge-port) සිදු කරන ගුණාත්මක වාර්තා මේ වන විට අපේක්ෂාවෙන් පවතී. ගිවිසුමේ දක්වා ඇති පරිදි රජය විසින් පත් කරන ලද ගොඩ බෑමේ වරාය ගුණාත්මක පරීක්ෂණ ආයතනය විසින් මෙම වාර්තා නිකුත් කළ යුතුය.
ගිවිසුම්ගත රාමුව යටතේ, පටවන වරායේ පරීක්ෂණ ප්‍රතිඵල සහ ගොඩ බෑමේ වරායේ පරීක්ෂණ ප්‍රතිඵල අතර යම් සැලකිය යුතු වෙනසක් (discrepancy) මතු වුවහොත්, ඒ සඳහා 'විනිශ්චය සාම්පල ' (umpire sampling) ක්‍රම වේදයක් ගිවිසුම මගින් සපයා ඇත. එවැනි අවස්ථාවකදී, විනිශ්චය සාම්පලයක් ලබා ගෙන එය ශ්‍රී ලංකා රජය සහ සැපයුම්කරු යන දෙපාර්ශවයට එකඟ වූ ස්වාධීන ගුණාත්මක තත්ත්ව සහතික කිරීමේ රසායනාගාරයක් වෙත යොමු කරනු ලැබේ. මෙම විනිශ්චය විශ්ලේෂණයේ ප්‍රතිඵලය ගුණාත්මකභාවය සම්බන්ධ ඕනෑම ආරවුලක් විසඳීම සඳහා අවසන් සහ තීරණාත්මක ප්‍රතිඵලය ලෙස සලකනු ලැබේ.
මේ දක්වා සියලුම බෙදාහැරීම එකඟ වූ සැපයුම් පටිපාටි, ගොඩ බෑමේ කාලසටහන් සහ ගිවිසුමම්ගතකාලරාමුවන්ට අනුකුලව සිදු කර ඇති අතර, ලංකා ගල් අඟුරු සමාගම විසින් ස්ථාපිත මෙහෙයුම් ප්‍රොටෝකෝල වලට අනුකූලව ගල් අඟුරු භාරගැනීම සහ ගොඩබෑම කළමනාකරණය කර ඇත.
ප්රශ්නය : ගුණාත්මක භාවය පිළිබඳ පරීක්ෂණ වාර්තා (Quality test reports) සම්බන්ධයෙන් පවතින ගැටලුව කුමක්ද?
පිළිතුර:
ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවට මූලික වී ඇත්තේ, ගිවිසුම්ගතව නියම කර ඇති නිල මාර්ග හරහා ඉදිරිපත් කිරීම වෙනුවට, මාධ්‍ය අංශ කිහිපයක් අතර පමණක් සංසරණය වූ එක්තරා පරීක්ෂණ වාර්තාවකි. මෙය ලක්විජය බලාගාරයෙන් නිකුත් වුවක් බව කියැවේ.
පවතින තොරතුරුවලට අනුව, ලක්විජය බලාගාරය විසින් පළමු ගල් අඟුරු තොගයෙන් කොටසක් සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා ඇති අතර, ඉන් අනතුරුව ඇතැම් ගුණාත්මක පරාමිතින් පිළිගත හැකි සීමාවන්ගෙන් බැහැරව ඇති බවට ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, මෙම ප්‍රවේශය ක්‍රියා පටිපාටිමය වශයෙන් බරපතල ප්‍රශ්න මතු කරයි. ශ්‍රී ලංකාවේ ගල් අඟුරු ආනයන ඉතිහාසය පුරාම, ගල් අඟුරු වල ගුණාත්මකභාවය තීරණය කිරීම කිසි විටෙකත් බලාගාරය විසින් සිදු කරන ඒක පාර්ශ්වික අභ්‍යන්තර පරීක්ෂණ මත පදනම් වී නොමැත. එමෙන්ම එවැනි පරීක්ෂණ, තොගයක් පිළිගැනීමට, ප්‍රතික්ෂේප කිරීමට හෝ ප්‍රසිද්ධියේ අනාවරණය කිරීමට පදනම් වන ගිවිසුම්ගතපදනමක් ලෙසද සලකනු නොලැබේ.
ටෙන්ඩර් සහ සැපයුම් ගිවිසුම යටතේ, ගල් අඟුරු ගුණාත්මකභාවය තීරණය කරනු ලබන්නේ පහතසඳහන් ක්‍රමවේද හරහා පමණි:
- ස්වාධීන, ජාත්‍යන්තරව පිළිගත් පටවන වරායේ (load - port) පරීක්ෂණ,
- රජය විසින් පත් කරන ලද ගොඩ බෑමේ වරායේ (discharge - port) පරීක්ෂණ, සහ
- ප්‍රතිඵල අතර පරස්පරතා ඇති වුවහොත්, දෙපාර්ශවයම එකඟ වූ ස්වාධීන රසායනාගාරයක් මගින් පවත්වනු ලබන ගිවිසුම්ගත ' විනිශ්චය සාම්පල' (umpire sampling) ක්‍රියාවලිය හරහාය.
මෙම ස්ථාපිත යාන්ත්‍රණයෙන් බැහැර වීම - විශේෂයෙන්ම නිල නොවන හෝ ගිවිසුම්ගත නොවන පරීක්ෂණ ප්‍රතිඵල වරණාත්මක ලෙස මාධ්‍ය වෙත මුදා හැරීම - කිසිදු නෛතික හෝ ගිවිසුම්ගතපදනමකින් තොරව අනවශ්‍ය මහජන සැකයක්, වැරදි අර්ථ කථනයක් සහ ව්‍යාකූලත්වයක් ඇති කරයි.
ඒ අනුව, මෙම ගැටලුව හුදෙක් ගල් අඟුරු ගුණාත්මකභාවය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොව, ක්‍රියාවලියේ පාරදෘශ්‍ය භාවය (integrity) පිළිබඳ ප්රශ්නයකි. එනම්: ගිවිසුම්ගත නොවන පරීක්ෂණ ක්‍රමයක් භාවිතා කළේ ඇයිද යන්න, එවැනි ප්‍රතිඵල ස්ථාපිත ගිවිසුම්ගත රාමුව හරහා ඉදිරිපත් නොකළේ ඇයිද යන්න සහ එකඟ වූ සත්‍යාපන යාන්ත්‍රණයන් අවසන් වීමට පෙර ඒවා ප්‍රසිද්ධ කළේ ඇයිද යන්නයි. පැහැදිලි කිරීම් අවශ්‍ය වන්නේ මෙම ක්‍රියා පටිපාටිමය අසාමාන්‍යතා පිළිබඳව වන අතර, එම ගැටළු මතු කර දැක්වීම සඳහා අවශ්‍ය ආධාරක ලේඛන ද ඉදිරිපත් කර ඇත.
ප්රශ්නය : ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු දැනටමත් ලක්විජය (නොරොචෝල) බලාගාරයේ දහනය කර තිබේද?
පිළිතුර:
ලක්විජය බලාගාරය තුළ කිසියම් හෝ ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු දහනය කර ඇති බවට මෙතෙක් ස්ථිර හෝ ගිවිසුමගතව වලංගු නිගමනයක් ගෙන නොමැත.
අදාළ ගල් අඟුරු සැපයුම් ගිවිසුම් සහ දීර්ඝ කාලීන ප්‍රසම්පාදන ක්‍රම වේදයන්ට අනුව, ගල් අඟුරු වල ගුණාත්මකභාවය නිශ්චිතවම තීරණය කළ හැක්කේ නියමිත පරීක්ෂණ යාන්ත්‍රණයන් හරහා පමණි.
එනම්:
- පිළිගත් රසායනාගාර මගින් සිදු කරන ස්වාධීන පටවන වරායේ (load-port) පරීක්ෂණ;
- රජය විසින් පත් කරන ලද ගොඩබෑමේ වරායේ (discharge-port) පරීක්ෂණ, සහ
- ප්‍රතිඵල අතර පරස්පරතා ඇති වුව හොත්, දෙපාර්ශවයම එකඟ වූ ස්වාධීන රසායනාගාරයක් මගින් පවත්වනු ලබන 'විනිශ්චය සාම්පල ' (umpire sampling) ක්‍රියාවලිය හරහාය. එහි අවසන් ප්‍රතිඵලය තීරණාත්මක වේ.
වත්මන් තත්ත්වය අනුව, මුල් නැව්ගත කිරීම සඳහා පටවන වරායේ ගුණාත්මක වාර්තා ලැබී ඇති නමුත්, නිල ගොඩ බෑමේ වරාය ගුණාත්මක වාර්තා මෙතෙක් ලැබී නොමැත. එම වාර්තා නිකුත් කරන තෙක් - සහ අවශ්‍ය වුව හොත් විනිශ්චය යාන්ත්‍රණය හරහා පරස්පරතා විසඳන තෙක් - අදාළ ගල් අඟුරු ප්‍රමිතියෙන් තොර ලෙස වර්ගී කරණය කිරීමට කිසිදු ගිවිසුම් ගත පදනමක් නොමැත.
බලාගාර මට්ටමින් සිදු කරන අභ්‍යන්තර හෝ මූලික පරීක්ෂණ පවතී නම්, ඒවා ගිවිසුම යටතේ පිළිගැනීමක්, ප්‍රතික්ෂේප කිරීමක් හෝ අවසන් ගුණාත්මක නිෂ්කාශනයක් ලෙස නොසැලකෙන අතර, ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු භාවිත කර ඇති බවට නිගමනය කිරීමට එම පරීක්ෂණ පමණක් ප්‍රමාණවත් නොවන බව තේරුම් ගැනීම වැදගත්ය.
ඒ අනුව, විධිමත් ගිවිසුම් ගත ගුණාත්මක සත්‍යාපන ක්‍රියාවලිය අවසන් වන තෙක්, ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු දැනටමත් දහනය කර ඇති බවට කරන ඕනෑම ප්‍රකාශයක් අකාලික (premature) වන අතර ඒවා සාක්ෂි සහිතව තහවුරු නොකළ ප්‍රකාශ වේ.




