දිවයිනට දකුණු දෙසින් වූ දකුණු මුහුදු තීරයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව සිදු කළ මෙහෙයුමක දී අත්අඩංගුවට ගැනුණු බහුදින ධීවර යාත්‍රා දෙකේ තිබී හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 296 යි ග්‍රෑම් 796 ක් සොයා ගෙන තිබෙනවා.
හෙරොයින් කිලෝග්‍රෑම් 184 යි ග්‍රෑම් 528ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112 ක් ග්‍රෑම් 208ක් පාර්සල් 270ක අසුරා තිබිය දී සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.
එහි දී අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 11 දෙනා අද අලුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 07ක රැදවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනා වයස අවුරුදු 24ත් 50ත් අතර වයස්වල පසුවන අම්බලන්තොට, කොස්වත්ත සහ බේරුවල යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ.
එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය කිරීම සඳහා මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා ද එක්ව සිටියා.
එහිදී නියෝජ්‍ය අමාත්‍යවරා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ ශ්‍රී ලංකාවට ඇතුළු වන සියලුම වර්ගයේ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ විසින් විශේෂ වැඩපිළිවෙලක් මේ වන විටත් ක්‍රියාත්මක කරමින් ඇති බවයි.
දකුණු මුහුදු තීරයේ දී නාවික හමුදාව විසින් දිගුදුර නෞකා යොදාගනිමින් පසුගිය 23 වනදා සිදු කළ මෙහෙයුමකදී අදාල බහුදින ධීවර යාත්‍රා දෙක නාවික හමුදාව විසින් සිය භාරයට ගනු ලැබුවා.
එලෙස නාවික හමුදා භාරයට ගත් මත්ද්‍රව්‍ය ප්‍රවාහන කළ බහුදින ධීවර යාත්‍රා දෙක දිඕවිට ධීවර වරාය වෙතරැගෙන එනු ලැබුවේ අද උදෑසනයි.


