මහනුවර නගරයේ ස්ථාන කිහිපයකට ඊයේ පස්වරුවේ හදිසියේ ඇදහැලුනු ධාරානිපාත වාර්ෂාවත් සමඟ හටගත් ජල ගැලීම් තත්ත්වය පහව ගොස් තිබෙනවා.
නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ මහනුවර දුම්රිය ස්ථානය අවට ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටව තිබූ බවයි.
අද උදෑසන වන විට ජලය බැස ගොස් ඇති බවත් මේ වන විට සාමාන්‍ය පරිදි කටයුතු සිදුවන බවත් නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.
මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් පස්වරු 01.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.


