විනාඩි 30ක කාලසීමාවක් සඳහා අද පෙරවරු 09ට පාර්ලිමේන්තුව යළි රැස්වනවා.

ඒ, 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ 2025 ඔක්තෝබර් 24 දිනැති අංක 2459/52 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග විවාදයකින් තොරව අනුමත කර ගැනීම සඳහායි.

එම කටයුතුවලින් අනතුරු පාර්ලිමේන්තුව ලබන සඳුදා උදෑසන 09 දක්වා කල් තැබීමට නියමිතයි.

මේ අතර, පාර්ලිමේන්තුවේදී ඊයේ අදහස් දක්වමින් පවතින ආපදා තත්ත්වය සහ නාය යෑම් පිළිබඳ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා අදහස් පළ කළේ මෙලෙසයි.

මේ අතර, පවතින ආපදා තත්ත්වය හේතුවෙන් අද සහ හෙට දින දෙකට නියමිතව තිබූ අයවැය විවාදය කල් තැබීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ තීරණය කළා.

ඒ අනුව අද සහ හෙට නොපැවැත්වෙන විවාද වෙනුවෙන් දෙසැම්බර් මස 01 සහ 02 යන දින දෙකේදී අයවැය විවාදය රාත්‍රී 12 දක්වා පැවැත්වීමටයි තීරණය කෙරුණේ.