කහවත්ත ප්‍රදේශයේදී තරුණයෙකු දණගස්වා වෙඩි තබා ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනාගෙන් දෙදෙනෙකු දින 07ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අද අවසර හිමිව තිබෙනවා.
ඒ, ඔවුන් හෝමාගම වැඩබලන මහෙස්ත්‍රාත් ප්‍රියංකා මද්දුම පටබැඳි මෙනවිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
අනෙක් සැකකරුවන් දෙදෙනා හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ අනුව ඔවුන් දෙදෙනා පැල්මඩුල්ල අධිකරණය වෙත හෙට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ අදාළ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් සිව්දෙනෙක්.
තරුණයින් පැහැර ගැනීම සඳහා යොදා ගත් ජීප් රථය ද මේ වන විට පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
ඉකුත් 30 වනදා රාත්‍රීයේ මෙම සිද්ධිය වාර්තා වුණේ කහවත්ත, බුංගිරිය, පලන්සූරියගම ප්‍රදේශයේ නිවසකදීයි.
මත්ද්‍රව්‍ය ජාවාරමේ ඔත්තු ලබාදීම සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත මෙම ඝාතනය සිදු වූ බවටයි පොලීසිය සැක පළ කරන්නේ.