Published
විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිදුවීම්වලට සම්බන්ධ වැරදිකරුවන්ට එරෙහිව තවත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින්.
දිල්ලියේ පැවැත්වෙන විරෝධතාවලට සහ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විභාග කිරීමට දිල්ලි මහාධිකරණය විසින් කඩිනම් අධිකරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මෙම වීඩියෝ පණිවුඩය නිකුත් කර තිබෙනවා.
ප්‍රශ්න පත්‍ර පිටවීම යනු සාමාන්‍ය කරුණක් නොවන අතර, එය ලක්ෂ සංඛ්‍යාත සිසුන්ට මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ට ද දැඩි වේදනාවක් ගෙනදෙන කරුණක් බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ.




