සංචාරක වීසා මත මෙරට රැඳී සිටියදී කුන්ඩසාලේ ප්‍රදේශයේ හෝටලයකදී අත්අඩංගුවට ගත් චීන ජාතික සැකකරුවන් 138 දෙනාට විරුද්ධව චෝදනා ගොනු කිරීම අද සිදු කිරිමට නියමිතයි.

ඒ, තෙල්දෙණිය අධිකරණයේදීයි.

පසුගිය 04 වනදා නඩු දිනයේදී එම කටයුතු සිදු කිරිමට නියමිතව තිබුණත් පරික්ෂණ කටයුතු පැවැත් වුණු බැවින් එම චෝදනා පත් ගොනු කිරිමට අද දිනට කල් තැබුණා.

එම සැකකරුවන්ට එරෙහිව මහනුවර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් චෝදනා ඉදිරිපත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබනවා.