ජනතාවගේ ධනයෙන් අතිශය සුඛෝපභෝගී ජීවිත ගත කරන දේශපාලඥයන්ගේ යුගය අවසන් කළ යුතු බව අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ ඒ වෙනුවෙන් ගන්නා වූ පියවර ශක්තිමත්ව තැබීමට ආණ්ඩුව වගබලාගන්නා බවයි.
හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ලබන මාසයේදී දැඩි තීරණයක් ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කළා.
මේ අතර යුද සමයේ මියගිය සිවිල් ආරක්ෂක සාමාජිකයන්ගේ පවුල් වෙනුවෙන්ද, අනෙකුත් ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ පවුල් වෙත ලබා දෙන වන්දි මුදල ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ, ජනාධිපති කාර්යාලයේ පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ 2026 වසරේ පූර්ව අයවැය සාකච්ඡාවට එක් වෙමින්.
ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව ලෝකයේ ඉහළම වෘත්තීයභාවයක් සහිත ආරක්ෂක හමුදාවක් බවට පත්විය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය පුහුණුව සහ පහසුකම් සැලසීම වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන නිසි පරිදි යොදවන ලෙසටත් ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.



