ඇතිවූ නොසන්සුන්තාවක් අතර තුරදී අල්කයිඩා සහ ISIS සම්බන්ධ කණ්ඩායම් විසින් මාලි හි ඉන්දියානුවන් 5 දෙනෙකු පැහැරගෙන ගොස් තිබෙනවා.

බටහිර මාලි හි කොබ්රි අසලදී එම පැහැරගැනීම සිදු කර ඇති බවයි ඔවුන් වැඩ කල සමාගම සහ ආරක්ෂක අංශ මේ බව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියේ

එම සිදුවීමෙන් පසු සමාගමේ සේවය කරන අනෙකුත් ඉන්දියානුවන් අගනුවර වන බමාකෝ වෙත යවා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් එම පැහැරගැනීම ගැන මෙතෙක් කිසිදු කණ්ඩායමක් වගකීම භාරගෙන නොමැත.

දැනට හමුදා ජුන්ටාවක් විසින් පාලනය කරනු ලබන මාලි, අල්-කයිඩා සහ ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායමට සම්බන්ධ අපරාධ කණ්ඩායම් සහ ජිහාඩ්වාදීන් මත දෝෂාරෝපණය එල්ල වී තිබෙනවා.

2012 සිට කුමන්ත්‍රණ සහ ගැටුම්වලින් පීඩා විඳි රට තුළ විදේශිකයන් ඉලක්ක කරගත් පැහැරගැනීම් බහුලව සිදු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ