Published
කොළඹ, “සිටි ඔෆ් ඩී්රම්ස්” විවෘත කිරීමේ උත්සවයට සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් සහභාගී නොවන බව සංවිධායකයින් පවසනවා.
ලබන දෙවනදා එම උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබුණා.
කෙසේවෙතත් නොවැළැක්විය හේතුවක් නිසා ශාරුක් ඛාන්ට ඊට සහභාගී වීමට නොහැකි බවයි සංවිධායකයින් පවසන්නේ.
එම විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමට නොහැකි වීම සම්බන්ධයෙන් ඔහු කණගාටු වන බවද සංවිධායකයින් පැවසුවා.
කෙසේවෙතත් ශාරුක් ඛාන් ශ්රී ලංකාවට ගෙන්වාගත හැකි අවස්ථා පිළිබඳව සොයාබලන බවයි සංවිධායකයින් වැඩිදුරටත් පැවසුවේ.