Published
රට තුළ පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ද අද අදහස් පළ වුණා.
එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රශ්න කළේ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් සිදු කරන ලද පූර්ව මැදිහත් වීම ප්‍රමාණවත් ද යන්න පිළිබඳවයි.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ ආපදා තත්ත්වයට මුහුණ දෙමින් රටේ ආර්ථිකය ද ගොඩනැගීමට ආණ්ඩුව කටයුතු කරන බවයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද යෝජනා කළේ ඉදිරිපත් කළ අයවැය වෙනුවට රටට දැන් ගැලපෙන අයවැයක් යළි ඉදිරිපත් කළ යුතු බවටයි.
මේ අතර රට තුළ පවතින ආපදා හේතුවෙන් විපතට පත් වූවන් වෙනුවෙන් පාර්ලිමේන්තු ආරම්භයේදී අද විනාඩියක නිෂ්ශබ්දතාවක් ද පැවැත්වුණා.




