මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන පළමු කොටසේ ඉදිකිරීම් අද ආරම්භ වනවා.

එහි ඉදිකිරීම් සඳහා වැය වෙතැයි අපේක්ෂිත මුදල රුපියල් බිලියන අටයි දශම හයයි නවයක්.

2026 වසරේ දෙසැම්බර් මාසය වන විට එම ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට අපේක්ෂිතයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන පළමු කොටසේ ඉදිකිරීම්වලට අදාල ගිවිසුම්වලට අත්සන් තබා තිබුණේ 2015 වසරේ අගෝස්තු 04 වනදායි.

එහෙත් විවිධ හේතූන් මත ඉකුත් වසර 10ක කාලය තුළ මෙහි ඉදිකිරීම් සිදු වූයේ නැහැ.

අද සිට සිදුවන කටයුතු සම්බන්ධයෙන් නෙත් නිවුස් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතාගෙන් විමසීමක් කළා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටසේ ඉදිකිරීම් ද අද ආරම්භ වන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

කුරුණෑගල දක්වා සම්පූර්ණ ඉදිකිරීම් අවසන් කිරීමට අපේක්ෂා කරන්නේ කවදා ද?