පවතින ආපදා තත්ත්වය හමුවේ විවිධ වංචනික ක්‍රියාවල නිරත පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි සුපරික්ෂාවෙන් සිටින ලෙස සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවයි.

අවතැන් කඳවුරු සඳහා ද විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මේ අතර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සඳහන් කළේ රියදුරු බලපත්‍ර ලබා ගැනීම ඇතුළු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සේවා දැන් සාමාන්‍ය පරිදි සිදුවන බවයි.

අයහපත් කාලගුණික හා ආපදා තත්ත්වය හේතුවෙන් රියදුරු බලපත්‍ර අලුත් කර ගැනිම සඳහා මාසයක විශේෂ සහන කාලයක් ලබාදී තිබෙනවා. ඒ, පසුගිය මස 25 වනදා සිට මාසයක කාලයක් සඳහායි.