පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩී යාම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොළඹ දෙසට දුම්රිය ධාවනය ප්‍රමාද වී තිබෙනවා.

ඒ පිළිබද සොයා බැලීමට ඉංජිනේරුවරයෙකු එම ස්ථානයට කඩිනමින් පිටත් කර හැරි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

පීල්ලක කොටසක් කැඩීයාම හේතුවෙන් සාගරිකා ඇතුළු කොළඹ දෙසට ධාවනය වූ දුම්රිය කිහිපයක් ඒ ආසන්නයේ නතර කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.