අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය සොයා ගත් හම්බන්තොට මිද්දෙණිය තලාව ප්‍රදේශයේ ඉඩමේ අද දිනයේත් පරික්‍ෂණ සිදු කෙරෙනවා. ඒ අනුව එම පරික්‍ෂණ කටයුතු සඳහා මිද්දෙණිය පොලීසියේ නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් එක්ව සිටින බවයි පොලීසිය පැවසුවේ. අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදාගන්නා රසායන ද්‍රව්‍ය සොයා ගත් අදාළ භූමියේ තිබී ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ සහ අත්බෝම්බ කිහිපයක්ද ඊයේ දිනයේදී සොයා ගනු ලැබුවා. එහිදී ජීව අත් බෝම්බ 05ක්, ටී 56 වර්ගයේ ජීව පතරොම් 17ක්, බෝර 12 වර්ගයේ ගිනි අවි උණ්ඩ සහ හිස් පතරොම් කොපුවක් සොයා ගෙන තිබුණා.