Published
සහල් සහ වී මෙරට මහජනතාවට මෙන්ම රටේ දේශපාලනයට ද තීරණාත්මක මාතෘකාවක්. මේ උදාවී ඇත්තේ වී අස්වනු නෙලන කාලයයි.
මේ දවස්වල වී අස්වනු නෙලන කාලයයි. දීර්ඝ කාලයක් තිස්සේ මෙම සමයේදී මතුවන සුපුරුදු ගැටලුවක් වන්නේ වී මිලදී ගැනීමයි. ආණ්ඩුව පහුගිය කන්නයේ සිට ඒ වෙනුවෙන් මැදිහත් වුවද එය එතරම් සාර්ථකත්වයක් පෙන්නුවේ නැහැ. මෙවරත් ආණ්ඩුව වී මිලදී ගන්නාවද? නැතිනම් එය පෞද්ගලික අංශයටම දෙනවාද? ඒ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා. ඔහු කියා සිටියේ මේ කන්නයේ සිට ගොවීන්ට අඩු මිලට වී අලෙවි කිරීමට සිදු නොවන බවයි. නෙලන වී තොග මිලදී ගන්න ආණ්ඩුවේ ගබඩා ඇතිද?