මීගොඩ පොලිස් වසමේ නිවසක් බිද රුපියල් විසි පන් ලක්‍ෂ පනස් දහසක් වටිනා රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ලද තොරතුරක් මත මීගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 52 හැවිරිදි මීගොඩ, පුවක්වත්තහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු සන්තකයේ තිබී සොරාගන්නා ලද රන් භාණ්ඩවලින් කොටසක්, රුපියල් 18,770 ක මුදල් සහ රන් භාණ්ඩ උකස් කරන ලද බිල්පත් තුනක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.