ඉරානය තුළ නව ප්‍රහාර රැල්ලක් ක්‍රියාත්මක කල බව ඊශ්‍රායලය පවසනවා.
ටෙහෙරාන් අගනුවර යටිතල පහසුකම් ද ඉලක්ක කර ගනිමින් එම ප්‍රහාර එල්ල කළ බවයි ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය පවසා ඇත්තේ.
මේ අතර ”ඉරානයේ සියල්ල විනාශ වී ඇතැයි” අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී වාර්තාකරුවන් හමුවේ පවසා තිබෙනවා.
සෙනසුරාදා සිය හමුදා මෙහෙයුම් ආරම්භ කළ දා සිට ඉරානයේ ඉලක්ක 1,700 කට වඩා පහර දී ඇති බවයි අමෙරිකාව ප්‍රකාශකර ඇත්තේ.
රතු අඩ සඳ සංවිධානය පවසන ඇතතේ යුද ගැටුම් හේතුවෙන් ඉරානයේ මේ දක්වා මියගිය පුද්ගලයින් ගණන 787 දක්වා ඉහල ගොස් ඇති බවයි.
ටෙහෙරාන් අගනුවර වැසියන් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට නොහැකිව පීඩාවට පත්ව සිටින බවද විදෙස් වාර්තාවල සඳහන්.
මේ අතර ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ඉරානයේ එෛතිහාසික ගෝලස්තාන් මාලිගයට හානි සිදුවීම පළිබඳව ඉරානය යුනෙස්කෝවට පැමිණිලි කර තිබෙනවා.
අමෙරිකානු - ඊශ්‍රායල ප්‍රහාර දිගටම පැවතුනහොත් මැදපෙරදිග ආර්ථික මධ්‍යස්ථාන සියල්ලටම පහර දෙන බවද ඉරානය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩි දුරටත් සඳහන්.




