තලංගම, අකුරේගොඩ ප්රදේශයේ දී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින්.
අදාළ අපරාධයෙන් පසු එක් වෙඩික්කරුවෙකු මොනරාගල ප්රදේශය දක්වා බස් රථයකින් ප්රවාහනය කර අපරාධයට ආධාර අනුබල දිම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් ඉබ්බාගමුව හා මාකොළ ප්රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ.
එක් සැකකරුවෙකු විසින් දැනට විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු විසින් ලබා දෙන ලද මුදලින් මිලට ගත් බස් රථයකින් වෙඩික්කරු ප්රවාහනය කර ඇති බවටයි පොලිස් විමර්ශනවලදි අනාවරණ වී ඇත්තේ.
අදාළ බස් රථයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට වෙඩික්කරුවන් දෙදෙනා ඇතුළු අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවිය පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.




