රුපියල් 5,000 දක්වා වූ සියලුම ඛ්භණ් ූඍ ගනුදෙනු සඳහා වෙළෙඳුන්ගෙන් අය කරනු ලබන සේවා ගාස්තුව අද සිට ක්‍රියාත්මක වන පරිදි, සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට මූල්‍ය ආයතන කටයුතු කර තිබෙනවා.
කුඩා පරිමාණ වෙළෙඳුන්ට කිසිදු අමතර වියදමකින් තොරව ඩිජිටල් ගෙවීම් භාර ගැනීමට අවස්ථාව ලබාදීම මෙහි අරමුණ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
මෙරට ඩිජිටල් ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකාව කාසි සහ නෝට්ටු භාවිතය අවම වූ ආර්ථිකයක් කරා මෙහෙයවීම මෙහි මූලික අරමුණයි.
මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඉතා ශක්තිමත් ඩිජිටල් මූල්‍ය යටිතල පහසුකමක් පවතින අතර, මෙරට වැඩිහිටි ජනගහනයෙන් 89%කට බැංකු පහසුකම් පවතිනවා.
මෙම වැඩසටහනේ සාර්ථකත්වය උදෙසා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම ජාතික මට්ටමේ ප්‍රචාරණ ව්‍යාපාරයක්ද අද සිට ආරම්භ කෙරෙනවා.



